ඉඩම් හිමිකාරිත්වය ලබා ගැනීම
ඔබ දැනටමත් ඉඩම් නොමැති තැනැත්තකු නම් 2008/04 චක්‍රලේඛය යටතේ පළාත් ඉඩම් කොමසාරිස් විසින් ගැසට් කරනු ලබන නිවේදනයට අනුව ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර ලබා දී ඇති කාලය තුළ අදාළ ග්‍රාම නිලධාරි වරයා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු වේ.
ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන ඉඩම් කච්චේරි මූලික පරීක්ෂණයක් මඟින් ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමට සුදුස්සකු සේ ඔබ තෝරා පත්කරගනු ලබන අතර, එය ලියාපදිංචි කර ඒ සඳහා විරෝධතා පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව සුදුසු කාල වකවානුවකදී ඉඩම් කච්චේරි පවත්වනු ලබන අතර, එහිදීද විරෝධතා කැඳවා විරෝධතා නොමැති තැනැත්තා ඉඩම් කච්චේරි මගින් සුදුසුකම්ලත් ඉඩම්ලාභීන් ලෙස තෝරා පත්කරගනු ලැබේ. අනතුරුව දකුණු පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව ඔවුන් වෙත ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සනින් යුතු අවසර පත්‍රයක් (බලපත්‍රයක්) ලබාදෙනු ලබන අතර, එකී බලපත්‍ර ඉඩම සංවර්ධනය කිරීමෙන් අනතුරුව දීමනාපත්‍රයක් ලබා ගැනීමට හැකියාව ඇත.
ඉඩමේ හිමිකාරිත්වය වෙනස් කිරීම
ඉඩමේ හිමිකාරිත්වය වෙනස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ඇතිව නොතාරිස්වරයකු මගින් එකී ඉඩමේ හිමිකාරිත්වය වෙනස් කළ හැක. ඒ සදහා කලත්‍රයාගේ , දරුවන්ගේ කැමැත්ත තිබියයුතු අතර, දීමනාපත්‍ර කරු වෙත වෙනත් ඉඩමක් තිබියයුතු වේ. එසේ නොමැති නම් ප්‍රාදේශීය ලේකම්වරයා දීමනාපත්‍ර කරු අනාථභාවයට පත්නොවන බවට සෑහීමට පත්වීමෙන් අනතුරුව එකී ඉඩමේ හිමිකාරිත්වය වෙනත් අයකුට පැවරීමට අවසර ලබාදිය හැක.
අනුප්‍රාප්තිකයා නම් කිරීම/වෙනස් කිරීම/අවලංගු කිරීම
තමාට අයත් ඉඩමක තමා ජීවත්ව සිටියදී ඉඩම් සංවර්ධන ආඥා බනතේ තුන්වන උපලේඛනලත ඥාතීත්වය අනුව පසු අයිතිය නම් කිරීමේ හැකියාව ඔනෑම පුද්ගලයකු සතුව පවති. එමෙන්ම පසු අයිතය ඔනෑම අවස්ථාවක වෙනස් කිරීමට දීමනාපත්‍ර කරුට හෝ බලපත්‍රකරුට හැකියාව ඇති අතර, එය ජීවිත භූක්තිකරු හට නොමැත. දීමනාපත්‍ර කරු/කාරිය හෝ බලපත්‍රකරු/කාරිය එකී ඉඩමේ පසු අයිතියතමාගේ කලත්‍රයා වෙත නම් කරන්නේ නම් දීමනාපත්‍රකරු/කාරිය හෝ බලපත්‍රකරු/කාරිය මියගිය පසු කලත්‍රයා වෙත එකී ඉඩමේ මුල් අයිතිය ලබා ගැනීමට හැකියාව පවතින අතර, ඉන්පසු කලත්‍රයා වෙත මුල් අයිතිය පැවරීමේ බලයක් ඇත.
ඉඩමක දීමනාපත්‍රකරු හෝ බලපත්‍රකරු එකී ඉඩමේ පසු අයිතිය නම් නොකර මියගිය පසු කලත්‍රයා වෙත ජීවිත භූකිත්ය පමණක් සාරෝපණය වන අතර, 3 වන උපලේඛනගත ඥාතීත්වය අනුව උරුමය සාරෝපණය වේ. ඒ අනුව ජීවිතභූක්තිකාරියද මියගිය පසු 3 වන උපලේඛනගත ඥාතීත්වය අනුව වැඩිමහල් පිරිම දරුවා වෙතත් , නැතහොත් පවුලේ අනිකුත් පිරිමි දරුවන් වෙතත්,පිරිමි දරුවන් නොමැති පවුලක පවුලේ වැඩිමහල් ගැහැණු දරුවා වෙතත් උරුමය සාරෝපණය වේ. දරුවන් නොමැති නම් 3 වන උපලේඛනගත ඥාතීත්වය අනුව උරුමය සාරෝපණය වේ.















