ආයතන අංශය

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • ගාල්ල නගරයේ  සිට ගාල්ල අකුරැස්ස මාර්යේ  කී.මී. 20 ක්  පමණ දුරින්,  ඉමදුව නගරයේ සිට 500m පමණ ගාල්ල දෙසට වන්නට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පිහිටා තිබේ.

  • Google Map

Map of Imaduwa

ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම

  • ග්‍රා.නි.වසම

    ග්‍රාම නිලධාරියාගේ නම

    කාර්යාලීය ලිපිනය

    දුරකථන අංකය

    153

    දොරපේ

    ජී.එච්.ආර්. චාමනී මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 153, දොරපේ, අඟුළුගහ

    077-6995432

    153 A

    දඩුවන

    එම්.වී.ඩී.රත්නායක මෙය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 153 A, දඩුවන, අඟුළුගහ

    076-6211883

    153 B

    රංගොඩ

    කේ.කේ.ඩයස් චමින්ද මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 153 B රංගොඩ

    077-6326205

    153 C

    වැලිකොන්ද

    එම්.ජී.හේවාවිතාරන මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 153 C වැලිකොන්ද, අඟුළුගහ

    071-1411689

    153 D

    කබරගල

    යු.එම්.එස්.මල්වැන්න මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 153 D කබරගල, අඟුළුගහ

    077-0271227

    154

    අගුළුගහ

    එම්.එච්.ජානකී ධර්මසේන මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 154 අඟුළුගහ

    071-1429861

    154 A

    හටංගල

    එච්.ජී.පී.ටී.රණතිලක මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 154 A හටංගල

    071-8314408

    154 B

    පොල්හේන

    ටී.ඒ.අයි.එම්. තේනුවර මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 154 B පොල්හේන

    077-9477188

    154 C

    පැලවත්ත

    එච්.එල්.ඒ. එදිරිසීංහ මෙනවිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 154 C පැලවත්ත

    077-9253893

    154 D

    බැදිපිට

    කේ.එල්.පී.සම්පත් මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 154 D බැදිපිට, අඟුළුගහ

    077-7940574

    165

    දික්කුඹුර

    චමිලා පී. මනම්පේරි  මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 165 දික්කුඹුර,අහංගම

    077-6083258/

    071-3817290

    165 A

    ඉදුරන්විල

    එම්.වී.ජී.එම්.දිල්හාරා මෙනවිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 165 A ඉදුරන්විල, දික්කුඹුර

    075-5191006

    165 B

    පණුගල්ගොඩ

    ජේ.ඒ.සංජීවනී මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 165 B පණුගල්ගොඩ, දික්කුඹුර

    071-6313461

    166

    තිත්තගල්ල නැ.

    ඒ.ඊ. මංජුල ප්‍රභාත් ද සිල්වා මයා  (වැ.බ)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 166 තිත්තගල්ල නැ., අහංගම

    077-6969191

    166 A

    තිත්තගල්ල බ.

    පී.ඩබ්. ජයසේකර මයා (වැ.බ)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 166 A තිත්තගල්ල බ., අහංගම

    075-7614221

    166 B

    අටානිකිත

    පී.වී.එස්.හේමකුමාර මයා

    නිල සෙවන කාර්යාලය,  අටානිකිත, අහංගම

    071-3373274

    166 D

    අම්පාවිල

    කේ.ඩබ්.ඩී.ජේ. තරංගා මිය (වැ.බ)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 166 D අම්පාවිල, අහංගම

    071-1835276

    67

    කහද

    එම්.ඩබ්.එස්.රුවන් ජයලත් මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 167 කහඳ, අඟුළුගහ

    078-6500300

    167 A

    කහද අතිරේක

    ඒ.ඊ.එම්.පී. ද සිල්වා මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 167  A කහඳ අතිරේක, අඟුළුගහ

    071-6306936

    168

    හොරදුගොඩ

    ඊ.ජී. ප්‍රේමදාස මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 168 හොරදුගොඩ,ඉමදුව

    077-4011994

    169

    කෝදගොඩ දකුණ

    කමල් මධුරප්‍රිය මයා (වැ.බ.)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 169 කෝදගොඩ ද., ඉමදුව

    071-8142329

    169 A

    හෙට්ට්ගොඩ

    කමල් මධුරප්‍රිය මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 169 A හෙට්ටිගොඩ, ඉමදුව

    071-8142329

    170

    අන්දුගොඩ

    එච්.එල්.සී.සම්පත් එදිරිසිංහ මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 170 අන්දුගොඩ, දික්කුඹුර

    075-0528342

    170 A

    ඇල්ලලගොඩ

    එච්.එල්.සී.සම්පත් එදිරිසිංහ මයා (වැ.බ.)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 170 A ඇල්ලලගොඩ, ඉමදුව

    075-0528342

    171

    මලල්ගොඩපිටිය

    එස්.ජේ. විතානවසම් මෙය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 171 මලල්ගොඩපිටිය, දික්කුඹුර

    076-6255068

    171 A

    කෝදගොඩ නැ

    බී.ඒ.ජනක සම්පත් මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 171 A කෝදගොඩ නැ., ඉමදුව

    071-1119686

    171 B

    කළුගල්ගොඩ

    ඉරේෂා ලක්මාලී විතානවසම් මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 171 B කලුගල්ගොඩ,

    077-2049819

    172

    ඉමදුව

    ඒ.ඩී.පතිරණ මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 172 ඉමදුව

    071-8679435

    172 A

    ඉමදුව අතිරේක

    ඒ.ඩී.පතිරණ මයා (වැ.බ.)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 172 A ඉමදුව අතිරේක

    071-8679435

    173

    පරගොඩ

    කේ.එච්.වී.යමුනා කාන්ති මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 173 පරගොඩ

    071-3367365

    173 A

    දිගොඩ

    ඩී.ඒ.ඉරෝෂනී මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 173 A දීගොඩ

    071-3372382

    173 B

    දීගොඩ අතිරේක

    ජේ.ඒ.එස්.එච්.සිතාරා වනිගසේකර  මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 173  දීගොඩ අතිරේක, පරගොඩ

    077-9995819

    173 C

    වතවන

    කේ.ජි.බී. ජයරාජ් මයා (වැ.බ.)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 173 C වතවන, ඉමදුව

    077-2400404

    174

    කෝඹල

    ලලිත් සමරවික්‍රම මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 174 කෝඹළ, ඉමදුව

    077-6656220

    174 A

    මායාකඩුව

    සී.එම්. උඩුගම්පල මිය

    නිල සෙවන කාර්යාලය,  මායාකඩුව, ඉමදුව

    071-0462144

    174 B

    පුස්වැල්කඩ

    ඒ.ජී.ආර්.එස්.මනෝහර මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 174 B පුස්වැල්කඩ, ඉමදුව

    071-2225557

    174 C

    ඉහළ කෝඹල

    කේ.ජී.භාෂිත ජයරාජ් මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 174 C ඉහළ කෝඹළ, ඉමදුව

    077-2400404

    174 D

    පිටුවලහේන

    එන්.කේ.ඩී.බී. නදීශානි මධුවන්ති මිය (වැ.බ.)

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 174 D පිටුවලහේන

    077-6267934

    175

    හව්පෙ

    එන්.එචි.ටි.ටි. ද සිල්වා මිය

    නිල සෙවන කාර්යාලය, හව්පේ, ඉමදුව

    071-6280525

    175 A

    මාවැල්ල

    පී.ඩබ්. ජයසේකර මයා  

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 175 මාවැල්ල,ඉමදුව

    075-7614221

    175 B

    හව්පෙ උතුර

    ඩී.ජී.සී.ප්‍රියදර්ශනී මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 175 B Aහව්පේ උතුර, විලේහේන ඉදිරිපිට, හව්පේ

    071-4709927

    175 C

    ගොඩඋඩමණ්ඩිය

    පී.ඒ.රවීන්ද්‍ර ජයලත් මයා

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 175 C ගොඩඋඩමණ්ඩිය,

    071-8010200

    175 D

    ඉහළ මාවැල්ල

    කේ.ඩබ්.ඩී.ජේ.තරංගා මිය

    ග්‍රාම නිලධාරි කාර්යාලය, 175 D ඉහළ මාවැල්ල

    077-7650696/

    071-1835276

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
  • ජාතික හැදුනුම්පත.

ගිණුම් අංශය

වාහනය සදහා තෙවන පාර්ශවයේ රක්ෂණාවරණයක් ලබා ගැනීම

කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ඔබගේ වාහනය සදහා තෙවන පාර්ශවයේ රක්ෂණාවරණයක්  හදුන්වා දී ඇති අතර, එය වාහන ආදායම් බලපත්‍ර අංශයෙන් ලබා ගත හැකිය.

යතුරු පැදි සදහා            රු.   470.00

ත්‍රීරෝද රථ සදහා           රු.   900.00

කාර් සදහා                   රු.   750.00

ද්විත්ව කාර්යය සදහා     රු.   750.00

ලොරි සදහා                 රු. 1300.00

ට්‍රැක්ටර්

රෝද  4                      රු.  700.00

රෝද  2                      රු.  500.00

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් ගාල්ල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

News & Events

02
දෙසැ2019
පුවත්

පුවත්

  විශේෂ රැස්වීම් දින  - 2026 විශේෂ...

31
ජූලි2019
පුවත්

පුවත්

කොළ පුරවන්නේ නැතිව උප්පැන්නයක් ගනිමුද .............. කොළ...

Scroll To Top